Sunday, September 5, 2010

ශ්‍රී ලංකාවේ පාෂාණ වල ව්‍යාප්තිය.

ශ්‍රී ලංකාවේ භූමිය ආග්නේය,අවසාදිත,විපරිත යන පාෂාණ වලින් සමන්විත වූවකි.දිවයිනේ සියයට අනූවකටත් වැඩි ප්‍රදේශයක මතුපිට නිධි වලට යටින් වූ පතුලේ ගල සෑදී ඇත්තේ විපරිත පාෂාණ වලිනි.මින් සමහර පාෂාණ අවුරුදු ද.ල.2000 කටත් වඩා පැරණිය.
1.ආග්නේය පාෂාණ.

ලංකාවේ ආග්නේය පාෂාණ දක්නට ලැබෙන්නේ පෙග්මටයිට් නිධි සර්කෝන් ග්‍රෑනයිට් හා ඩොලරයිට් ඩයික ලෙසය.මෙසොසොයික යුගයේ ත්‍රියාසික අවධියට අයත් යයි සෑලකෙන ඩොලරයිට් ඩයික ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ නෑගෙනහිර පළාත ඇළහැර,කන්තලේ,කල්කුඩාව හා චීන වරාය ආදීන්හිදීය.ඩොලරයිට් ඩයික මධ්‍යම ප්‍රමාණයේ කණිකා වලින් නිර්මාණය වූ ආග්නේය පාෂාණයකි.බැසෝල්ට්,ගැබ්රෝ පාෂාණවල සංයුතියට සමාන ලක්ෂණ පෙන්නුම් කරන මේවායේ ප්ලෙගියෝක්ලෙස්,පයිරොක්සීන,ඔල්වින් හා මැග්නටයිට් යන බණිඡ වර්ග අඩංගුය.බදුල්ල-මඩකලපුව මාර්ගයේ 57වන සැතපුම් කණුව අසල ඇති ඩොලරයිට් ඩයික මේ සඳහා ඉතා කදිම නිදසුනකි.

තෝනිගල ග්‍රෑනයිට් දිවයිනේ වයඹ දිගින් පුත්තලම-ගල්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටා ඇත.අරන්ගල හෝර්න් බ්ලෙන්ඩ් ග්‍රෑනයිට් අළුත්ගමේ ද අඹගස්පිටිය ග්‍රෑනයිට් යක්කල ද පිහිටා ඇත.
සර්කෝන් ග්‍රෑනයිට් හොඳින් පිහිටා ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේය.එමෙන්ම මීරිගම ලෝලුව නම් ස්ථානයේද ඇත.ආර්ථික වටිනාකමකින් යුත් පෙග්මටයිට් පාෂාණ ඇත්තේ රත්තොට,තලාගොඩ,අළුතෑපොල ප්‍රදේශවලය.

2.අවසාදිත පාෂාණ.

ශ්‍රි ලංකාවේ ඇති අවසාදිත පාෂාණ සැකසුණු අවධිය අනුව කොටස් 3කට බෙදිය හැකිය.
මෑත හා ප්ලෛස්ටෝනි යුගවලට අයත් නිධි.

මේ කාලවල සෑදුණු පාෂාණ වර්ග 3කට අයත්ය.


  • රතු පස.
    මහඔයෙන් උතුරට කදිරමලය දක්වා වයඹ දිග පහත් බිම් වලද පුත්තල සිට නැගෙනහිර අනුරාධපුරය දක්වා රැළි බිම් වලද රතු පස ව්‍යාප්තව ඇත.මෙම පස් තට්ටුවේ ඝණකම මීටර් 15-25 දක්වා වේ.


  • පාදක යුමුසු බොරළු.
          මේවා රතු පසට යටින් පිහිටා ඇත.මෙම නිධිමීගමුවේ සිට මන්නාරම දක්වා වෙරළබඩ පහත්බිම්           ආශ්‍රිතව ඇත.වයඹ දිග පහත් බිම්වල බොරළු කෝණික හැඩයක් ගනී.තංගල්ල,හම්බංතොට,රත්න සිට මිනිගා ගල් කන්ද ප්‍රදේශවල ඒවා ඇත.


  • මළු බොරළු.
           රළු තිරුවාන කැටවලින් සමන්විතය.හලාවත හා බත්තුළු ඔය ප්‍රදේශය දක්නට ලැබේ.පලාවි-කල්ලඩි  මාර්ගය අසලද ඇත.එමෙන්ම කැළණි ගංගා නිම්නයේ කඩුවෙළ සිට හංවැල්ල,මල්වාන,රනාල පදේශවලත් දක්නට ලැබේ.


  • මයොසීන පාෂාණ.
         මයොසීන හුණුගල්ද අවසාදිත පාෂාණ ගනයට අයත්ය.මේවා යාපන අඅර්ධද්වීපයේ ද මිනිහා ගල්කන්දප්‍රදේශයේද දක්නට ඇත.වෙරළාසන්නවල දඹ පිහිටා ඇත.ඒවා කීරමලේ,කදිරමලේ දක්නට ලැබේ.මෙම පාෂාණ ඇතුළත ඇති කුහර නිසා ජලය රදවාගනී.එය යාපන අර්ධද්වීපයේ .ගොවිතැනට උපකාරී කර ගනී.මේවා ක්‍රීම් පැහැයකින් යුක්තය.

  •  ජුරාසික් පාෂාණ.
            අවුරුදු දශ ලක්ෂ 70 කටත් වඩා පැරණිය.නොගැඹුරු ජලයෙන් සොයාගනී.උතුරින් තම්බෝව ආඩිගම හා පල්ලම ප්‍රදේශවල දක්නට ලැබේ.මේවා ඉන්දියාවේ ඇති "ගොන්ඩ්වානා" පාෂාණ වලට සමකාලීනය.වැලි ගල්,ග්‍රීට්,ආර්කෝසම වැලි ගල් වැනි දේ වලින් සෑදී ඇත.

3.විපරිත පාෂාණ.

දිවයිනේ සියයට 80 ක ප්‍රදේශයක් පුරාම පැතිර ඇත.ආග්නේය හා විපරිත පාෂාණ විපරිත වීමෙන් මේවා සෑදී ඇත.ලංකාව ගොන්ඩ්වානාලන්ත භූමියෙන් මෙහි ඇති පාෂාණ පොසිල රහිත ස්ථටික වලින් යුක්තය.විපරිත පාෂාණ වර්ග (නයිස් පාෂාණ)ව්‍යාප්තවී ඇති ප්‍රධාන ප්‍රදේශ කීපයකි.


  • බින්තැන්න නයිස් පාෂාණය.
    මේවායේ හුදෙකලා රේඛා තල දක්නට ඇත.බයොටයිට් නයිස් පාෂාණ ගනයට අයත්ය.පොළොන්නරුව වැලිකන්ද අසය දක්නට ඇත.

  • වන්නි නයිස් පාෂාණය.
හොන්බ්ලෙන්ඩ් නයිස් පාෂාණ ගනයට අයත්ය.පඩුවන් පැහැයක් ගනී.මධ්‍යම කදුකරයට උතුරින් ව්‍යාප්තව ඇත.


  • කඩුගන්නාව නයිස් පාෂාණය.
කඩුගන්නාව-අලගල්ලලවැටිය හා ගලගෙදර හරහා කුරුණෑගල ,හබරණ දක්වා විහිදෙන බයොටයිට් - හොන්බ්ලෙන්ඩ් නයිස් පාෂාණ යයි.

1 comment:

  1. Harrah's New Orleans Casino & Hotel
    A map showing 김제 출장안마 Harrah's New 부산광역 출장안마 Orleans Casino & Hotel, located in 인천광역 출장마사지 New 청주 출장안마 Orleans at 1010 Las Vegas Boulevard South, in Louisiana at 3675 US. 천안 출장샵

    ReplyDelete