Wednesday, September 8, 2010

වෙරළ ඛාදනය.

සමුද්‍ර ජලයේ ඛාදනය කෙරෙහි උදම්,තරංග හා ප්‍රවාහ වල බලපෑම ඇතිවේ.ඉන් වඩාත් වැදගත්වන්නේ සමුද්‍ර තරංගය.උදම් සාගර ජලයේ ඇතිවන කෙටි නෙරීම ලෙස හැඳින්විය හැකිය.චන්ද්‍රයාගේ හා සුර්යාගේ බලපෑම නිසා සාගර ජලයේ මේ නෙරීම ඇතිවේ.උදමක් කඩතොළු වෙරළක චලනය වන විට ඉන් ඛාදනය වේ.
සමුද්‍ර තරංග ඇතිවන්නේ සුළඟ ජලය හා ගැටීම හේතුවෙනි.තරංග සාගර ජලය මතුපිට ඇතිවන චලනයකි.තරංගයක ජලය චක්‍රාකාරව ගමන් කරයි.තරංග මඟින් වෙරළට එල්ලවන පහර සුළගේ වේගය මත තීරණය වේ.වෙරළට ප්‍රහාරාත්මකව වඳින තරං පිළිසෝදාවක් ලෙස ආපසු සාගරයට ගමන් කරයි.තරංග නිසා උපත.ලබන ප්‍රවාහද වෙරළබඩ භූ දර්ශනයට බලපෑම් කරයි.සමුද්‍ර තරංග සිව් ආකාරයට වෙරළබඩ භූ දර්ශනය ඛාදනයට ලක් කෙරේ.

1.)ද්‍රාව පීඩන ක්‍රියාවළිය.

තරංග ගොඩබිමට වදින විට වෙරළාසන්නයේ පාෂාණ ස්තර,දඹ කුස්තුර ආදියේ ඇති සිදුරුවල ඇති වාතය සම්පීඩනය වේ.තරංග පසුබසින විට පීඩනය අඩු වී සංකෝචනය වෙයි.මෙයින් පාෂාණ ක්‍රමයෙන් කැබළි වේ.

2.)උල්ලේඛය/ඝර්ෂණය.

තරංග සමඟ පැමිණෙන පාෂාණ කුට්ටි එකට ගැටීමේදී කුඩා කැබළි වලට කැඩේ.

3.)සංගර්ෂණ ක්‍රියාවලිය.

වැලි බොරළු හා ගල් කුට්ටි සහිත රළ දඹයක පාදයේ හැපෙන විට දඹය පාදය යටින් ඛාදනය වී කුට්ටි කඩා හැළෙයි.

4.)ද්‍රාවන ක්‍රියාවළිය.හුණුගල් වලින් සෑදුණු වෙරළ ඉමදී පාෂාණ කොටස් දිය වීමට පටන් ගනී.

වෙරළ ඛාදනයෙන් සකස්වන භූ රූප.

1.දඹය.

2.රළබුන් වේදිකාව.

3.මුහුදු ගුහා.

4.වා සිදුරු.

5.ආරුක්කු.

6.මුහුදු කුළු.

දඹය.

වෙරළ බාදනයෙන් නිර්මාණය වන ප්‍රධාන භූ රූපයකි.දඹය වෙරළ සීමාවේදී පිහිටයි.දඹය නමින් හදුන්වන්නේ වෙරළ සීමාවක දක්නට ලැබෙන ගැටියකි.දඹ නිර්මාණය වීමේදී වෙරළේ පාෂාණ ප්‍රතිරෝධක සහිත බව හෝ රහිත බව,පාෂාණවල කුස්තුර,පාෂාණ පිහිටා ඇති ආකාරය වැනි කරුණු බලපායි.ග්රැනයිට් වැනි ප්‍රතිරොධක බව අධික පාෂාණ ඇති ස්ථාන වල දඹ නිර්මාණය කෙරේ.ලංකාවේ ත්‍රිකුණාමලයේ ස්වාමි ගල අසලද,රූමස්සලද දඹ භූ රූප වලට නිදසුන්ය.



රළබුන් වේදිකාව.
තරංග ඛාදනයේදී දඹ සමඟ නිර්මාණය වන තවත් භූ රූපයකි රළ බුන් වේදිකාව.බෑවුම් සහිත වෙරළක අබණ්ඩ ඛාදනය,දඹ ක්‍රමයෙන් පසු පසට ගමන් කිරීම නිසා මෙය නිර්මාණය වේ.එය රළ මඟින් ගෙන එන ද්‍රව්‍ය එහා මෙහා ගෙනයෑමේ ප්‍රතිථලයකි.රළ බුන් වේදිකාව මුළුමනින්ම සමතලාවක් නොවේ.මේ සඳහා හොදම නිදසුනකි ශ්‍රි ලංකාවේ නැගෙනහිර හා නිරිත දිග වෙරළ.


මුහුදු ගුහා
වෙරළේ පාෂාණ වල කුස්තුර හෝ විභේද නිසා ඇතිවූ පැලීම් ඇති විට ඒ තුළට තරංග කා වැදීමෙන් කුස්තුර විශාල වෙයි.ඒ නිසා එහි මෘදු පාෂාණ කොටස් ඉවත් වේ.මෙයින් මුහුදු ගුහා නිර්මාණය වේ.දකුණු වෙරළේ කිරින්ද උදාහරණයකි.
වා සිදුරු
ගුහාවෙන් තුළට ප්‍රහාරාත්මකව වැදෙන තරංග හා වාතය පිටවීමට ගුහාවේ පියස්සේ හෝ පැත්තකින් සිදුරු නිර්මාණය වේ.කුඩා වැල්ලේ ඇති හුම්මානය උදාහරණයකි.


ආරුක්කු
තුඩුවක් වැනි තැනක පිහිටි ගුහා දෙකක් දෙපසින්ම බාදනය වී ඒකාබද්ධ වූ කල්හි ආරුක්කුව සෑදේ.එය කාලයක් තිස්සේ ඛාදනය වීමෙන් කැඩී යා හැක.එංගලන්තයේ ඩෝසෙට් වරළේ ඩර්ඩල්ඩෝ ආරුක්කුව කදිම නිදසුනකි.


මුහුදු කුළු
ආරුක්කුවේ කඩා වැටුණු විට එහි ඉතුරුවන තුඩුවේ ඉදිරිපස කළවර මුහුදු ජලයෙන් උඩට මතුවී ම නිසා මුහුදු කුළු නිර්මාණය වේ.එංගලන්තයේ දකුණු හා බටහිර වෙරළේ සුලභව ඇත.ලංකාවේ සීනිගම දේවාලය පිහිටා ඇති ස්ථානයද මේ සඳහා නිදසුනකි.

3 comments:

  1. කල්‍යානි අයේම ලියන්නේ නැද්ද? ආයේ ලියන්න කල්‍යානී.භුගෝලය ගැන කතා කියලා ඉවර කරන්න පුළුවන් කාටද? සාගරයක් වට‍ගේ තේමා තියෙද්දි ඇයි නොලියන්නේ?

    ReplyDelete
  2. අපරාදේ මං ආයේ ආවේ වෙරළ ඛාදනය ගැන මං ලිපියක් ලියන හංදායි. තාමත් මේක හිස්.

    ReplyDelete