පෘථිව් ගෝලය වටා එහි ඇති ගුරුත්වාකර්ශණය හේතුවෙන් පිහිටා ඇති තුනී වායු වලල්ල වායුගෝලය වශයෙන් ගැනේ.විවිධ වායුන්ගෙන් මිශ්‍රණයක් ලෙස සැළකිය හැකි වායු ගෝලයේ ප්‍රධාන වායූන් 4කි
නයිට්‍රජන් - 78.03%
ඔක්ෂිජන් - 20.99%
කාබන් ඩයොක්සයිඩ් - 0.03%
ආගන් - 0.01%
ඒ හැර ජලවාෂ්ප,දූලි අංශු ද ඇත.
සූර්යයා විසින් නිකුත් කරණු ලබන පාරජම්බුල කිරණ ඉහළ වායුගෝලයට ප්‍රබලව ලැබේ.එම අණු මඟින් ඔක්ෂිජන් අණු පරමාණු වලට බිදලයි.එබදු ඔක්ෂිජන් පරමාණුවක් ඔක්ෂිජන් අණුවක් සමඟ සම්බන්ධ වී ඕසෝන් අණුවක් සාදයි.වායුගෝලයේ සැ.10-20ක් අතර තට්ටුවක් ඕසෝන් තීරුවක් ලෙස පිහිටා ඇත.ඕසෝන් වායුව අන්තරාකාරී පාරජම්බුල කිරණ වල ප්‍රබලත්වය මර්ධනය කිරීමට හැකියාව ඇති නිසා පොළෝ තලයේ ජීවිත පැවැත්මට විශාල පිටුවහළකි.
වායුගෝලයේ ඇති ප්‍රධාන වායු වර්ග වන නයිට්‍රජන්,ඔක්ෂිජන්,කාබන් ඩයොක්සයිඩ් ,ආගන් අන් සියලු වායු වර්ගවලට වඩා බරින් වැඩිය.ඒ නිසා ඒවා වායුගෝලයේ පහළින්පිහිටා ඇත.
වායුගෝලයේ ව්‍යුහය.
භූ ගෝලයේ සිට ඉහළට යාමේදී වායුවේ උෂ්ණත්වය,පීඩනය,බර ආදී තත්වයන් නිසා වායුගෝලය ස්තර 5කින් යුක්තය.
1.පරිවර්තී ගෝලය.
2.අපරිවර්තී ගෝලය.
3.මධ්‍යගෝලය.
4.තාප ගෝලය.
5.අජට ගෝලය.
1.පරිවර්තී ගෝලය.
පෘථිවිය ආසන්නම වායු ස්තරය පරිවර්තී ගෝලයයි.එය සමකය ආසන්යේදී කි.මී 16ක් ඉහළට විහිදෙන නමුත් ධ්‍රැවය දෙසට යන විට කි.මී 8ක් පහළ තලයට එයි.වායුගෝලයේ ඇති වායු ස්කන්ධයෙන් සියයට75ක්ම මේ කළාපයේ ඇත.ජල වාෂ්ප හා අපද්‍රව්‍යන්ගෙන් වැඩි කොටසක් ඇත්තේද මේ කළාපයේ.සිරස් වායු චලන,ඝණීභවනය,වළාකුළු වර්ධනය ,වාෂ්පීකරණය ආදී සියලුම කාළගුණික ක්‍රියාවලීන් මේ කළාපයේ සිදුවේ.
2.අපරිවර්තී ගෝලය.
පරිවර්තී ගෝලයට ඉහළ ගෝලය අපරිවර්තී ගෝලයයි.මෙය මුහුදු මට්ටමේ සිට කි.මී 10-15 අතර කළාපයයි.සමකයේ සිට ධ්‍රැවය දෙසට යනවිට උෂ්ණත්වය වැඩිවේ.පතන ශීඝ්‍රතාවය නැත.ජලවාෂ්ප ප්‍රමාණය ඉතා අල්පය.මෙහි පහළ කොටසේ ජෙට් වායු ධාරාවන් හමා යාම සුවිශේෂය.වායුගෝලයේ ඕසේන් ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් ඇත්තේ මෙම කලාපයේය.මෙම වායුව අධික විෂ වායුවකි.ගුවන්යානා ගමනාගමනයට මෙම කලාපය ඉතා යෝග්‍යය.ඕසේන්වායුව නිසා මෙහි"මුතුවන් වළා"නම් වළාකුළු වශේෂයක් පමණක් දක්නට ලැබේ.
3.මධ්‍ය ගෝලය.
මුහුදු මට්ටමේ සිට කි.මී.50-80දක්වා වූ කලාපය අයත්ය.මෙහිදී යළිත් උෂ්ණත්වය අංශක-90දක්වා අඩුවේ.මෙහි පීඩනය ඉතා අඩුය.ගිම්හානයට මෙම කලාපයේ රාත්‍රියට ආලෝකය විහිදුවන්නාවූ වළාකුළු විශේෂයක් වන නිශාදීප්ත වළාකුළු දක්නට ලැබේ.
4.තාප ගෝලය.
කි.මී.80 සිට ඉහළට විහිදෙන වායුගෝලීය කලාපය තාප ගෝලය නම් වේ.මුළු වායු ස්කන්ධයෙන් සියයට 1ක් පමණකින් යුත් වායු ස්කන්ධයක් පවතින නිසා ඝනත්වය ඉතාම අඩුය.තාපයේ පහළ කොටස නයිට්‍රජන් හා අම්ලකර පරමාණු වලින් සෑදී ඇත.උෂ්ණත්වය වැඩිය.උන්නතාංශය සමඟ වැඩිවන උෂණත්වය සෙ.අංශක 1000 ඉක්මවා යයි.උල්කාපාත වැනි අධිවේගයෙන් ගමන්ගන්නා වස්තූන් පෘථිවි තලයට නොවැටෙන්නේද මේ ඉහත සඳහන්කළ තාප ගෝලය නිසාය.
5.අජට ගෝලය.
මුහුදු මට්ටමේ සිට කි.මී.400න් ඉහළට ඉහළට විහිදෙන වායුගෝලීය ප්‍රදේශය මෙයයි.වායු කොටස් එකිනෙකට බොහෝ ඈතින් පිහිටා ඇත.ඒවා ඉතාමත්ම තුනීය.දිවාකාලයේදී උෂ්ණත්වය ඉතාමත්ම අධිකවත් රාත්‍රී කාළවල ඉතාමත්ම අඩුවෙනුත් ඇත.

This information is very important for geography subject
ReplyDeleteThis information is very important for geography subject
ReplyDeleteThank for this. It's very important for our studies
ReplyDelete