Wednesday, September 8, 2010

වෙරළ ඛාදනය.

සමුද්‍ර ජලයේ ඛාදනය කෙරෙහි උදම්,තරංග හා ප්‍රවාහ වල බලපෑම ඇතිවේ.ඉන් වඩාත් වැදගත්වන්නේ සමුද්‍ර තරංගය.උදම් සාගර ජලයේ ඇතිවන කෙටි නෙරීම ලෙස හැඳින්විය හැකිය.චන්ද්‍රයාගේ හා සුර්යාගේ බලපෑම නිසා සාගර ජලයේ මේ නෙරීම ඇතිවේ.උදමක් කඩතොළු වෙරළක චලනය වන විට ඉන් ඛාදනය වේ.
සමුද්‍ර තරංග ඇතිවන්නේ සුළඟ ජලය හා ගැටීම හේතුවෙනි.තරංග සාගර ජලය මතුපිට ඇතිවන චලනයකි.තරංගයක ජලය චක්‍රාකාරව ගමන් කරයි.තරංග මඟින් වෙරළට එල්ලවන පහර සුළගේ වේගය මත තීරණය වේ.වෙරළට ප්‍රහාරාත්මකව වඳින තරං පිළිසෝදාවක් ලෙස ආපසු සාගරයට ගමන් කරයි.තරංග නිසා උපත.ලබන ප්‍රවාහද වෙරළබඩ භූ දර්ශනයට බලපෑම් කරයි.සමුද්‍ර තරංග සිව් ආකාරයට වෙරළබඩ භූ දර්ශනය ඛාදනයට ලක් කෙරේ.

1.)ද්‍රාව පීඩන ක්‍රියාවළිය.

තරංග ගොඩබිමට වදින විට වෙරළාසන්නයේ පාෂාණ ස්තර,දඹ කුස්තුර ආදියේ ඇති සිදුරුවල ඇති වාතය සම්පීඩනය වේ.තරංග පසුබසින විට පීඩනය අඩු වී සංකෝචනය වෙයි.මෙයින් පාෂාණ ක්‍රමයෙන් කැබළි වේ.

2.)උල්ලේඛය/ඝර්ෂණය.

තරංග සමඟ පැමිණෙන පාෂාණ කුට්ටි එකට ගැටීමේදී කුඩා කැබළි වලට කැඩේ.

3.)සංගර්ෂණ ක්‍රියාවලිය.

වැලි බොරළු හා ගල් කුට්ටි සහිත රළ දඹයක පාදයේ හැපෙන විට දඹය පාදය යටින් ඛාදනය වී කුට්ටි කඩා හැළෙයි.

4.)ද්‍රාවන ක්‍රියාවළිය.හුණුගල් වලින් සෑදුණු වෙරළ ඉමදී පාෂාණ කොටස් දිය වීමට පටන් ගනී.

වෙරළ ඛාදනයෙන් සකස්වන භූ රූප.

1.දඹය.

2.රළබුන් වේදිකාව.

3.මුහුදු ගුහා.

4.වා සිදුරු.

5.ආරුක්කු.

6.මුහුදු කුළු.

දඹය.

වෙරළ බාදනයෙන් නිර්මාණය වන ප්‍රධාන භූ රූපයකි.දඹය වෙරළ සීමාවේදී පිහිටයි.දඹය නමින් හදුන්වන්නේ වෙරළ සීමාවක දක්නට ලැබෙන ගැටියකි.දඹ නිර්මාණය වීමේදී වෙරළේ පාෂාණ ප්‍රතිරෝධක සහිත බව හෝ රහිත බව,පාෂාණවල කුස්තුර,පාෂාණ පිහිටා ඇති ආකාරය වැනි කරුණු බලපායි.ග්රැනයිට් වැනි ප්‍රතිරොධක බව අධික පාෂාණ ඇති ස්ථාන වල දඹ නිර්මාණය කෙරේ.ලංකාවේ ත්‍රිකුණාමලයේ ස්වාමි ගල අසලද,රූමස්සලද දඹ භූ රූප වලට නිදසුන්ය.



රළබුන් වේදිකාව.
තරංග ඛාදනයේදී දඹ සමඟ නිර්මාණය වන තවත් භූ රූපයකි රළ බුන් වේදිකාව.බෑවුම් සහිත වෙරළක අබණ්ඩ ඛාදනය,දඹ ක්‍රමයෙන් පසු පසට ගමන් කිරීම නිසා මෙය නිර්මාණය වේ.එය රළ මඟින් ගෙන එන ද්‍රව්‍ය එහා මෙහා ගෙනයෑමේ ප්‍රතිථලයකි.රළ බුන් වේදිකාව මුළුමනින්ම සමතලාවක් නොවේ.මේ සඳහා හොදම නිදසුනකි ශ්‍රි ලංකාවේ නැගෙනහිර හා නිරිත දිග වෙරළ.


මුහුදු ගුහා
වෙරළේ පාෂාණ වල කුස්තුර හෝ විභේද නිසා ඇතිවූ පැලීම් ඇති විට ඒ තුළට තරංග කා වැදීමෙන් කුස්තුර විශාල වෙයි.ඒ නිසා එහි මෘදු පාෂාණ කොටස් ඉවත් වේ.මෙයින් මුහුදු ගුහා නිර්මාණය වේ.දකුණු වෙරළේ කිරින්ද උදාහරණයකි.
වා සිදුරු
ගුහාවෙන් තුළට ප්‍රහාරාත්මකව වැදෙන තරංග හා වාතය පිටවීමට ගුහාවේ පියස්සේ හෝ පැත්තකින් සිදුරු නිර්මාණය වේ.කුඩා වැල්ලේ ඇති හුම්මානය උදාහරණයකි.


ආරුක්කු
තුඩුවක් වැනි තැනක පිහිටි ගුහා දෙකක් දෙපසින්ම බාදනය වී ඒකාබද්ධ වූ කල්හි ආරුක්කුව සෑදේ.එය කාලයක් තිස්සේ ඛාදනය වීමෙන් කැඩී යා හැක.එංගලන්තයේ ඩෝසෙට් වරළේ ඩර්ඩල්ඩෝ ආරුක්කුව කදිම නිදසුනකි.


මුහුදු කුළු
ආරුක්කුවේ කඩා වැටුණු විට එහි ඉතුරුවන තුඩුවේ ඉදිරිපස කළවර මුහුදු ජලයෙන් උඩට මතුවී ම නිසා මුහුදු කුළු නිර්මාණය වේ.එංගලන්තයේ දකුණු හා බටහිර වෙරළේ සුලභව ඇත.ලංකාවේ සීනිගම දේවාලය පිහිටා ඇති ස්ථානයද මේ සඳහා නිදසුනකි.

Tuesday, September 7, 2010

වායුගෝලයේ සංයුතිය.

පෘථිව් ගෝලය වටා එහි ඇති ගුරුත්වාකර්ශණය හේතුවෙන් පිහිටා ඇති තුනී වායු වලල්ල වායුගෝලය වශයෙන් ගැනේ.විවිධ වායුන්ගෙන් මිශ්‍රණයක් ලෙස සැළකිය හැකි වායු ගෝලයේ ප්‍රධාන වායූන් 4කි


  • නයිට්‍රජන් - 78.03%

  • ඔක්ෂිජන් - 20.99%

  • කාබන් ඩයොක්සයිඩ් - 0.03%

  • ආගන් - 0.01%

  • ඒ හැර ජලවාෂ්ප,දූලි අංශු ද ඇත.
සූර්යයා විසින් නිකුත් කරණු ලබන පාරජම්බුල කිරණ ඉහළ වායුගෝලයට ප්‍රබලව ලැබේ.එම අණු මඟින් ඔක්ෂිජන් අණු පරමාණු වලට බිදලයි.එබදු ඔක්ෂිජන් පරමාණුවක් ඔක්ෂිජන් අණුවක් සමඟ සම්බන්ධ වී ඕසෝන් අණුවක් සාදයි.වායුගෝලයේ සැ.10-20ක් අතර තට්ටුවක් ඕසෝන් තීරුවක් ලෙස පිහිටා ඇත.ඕසෝන් වායුව අන්තරාකාරී පාරජම්බුල කිරණ වල ප්‍රබලත්වය මර්ධනය කිරීමට හැකියාව ඇති නිසා පොළෝ තලයේ ජීවිත පැවැත්මට විශාල පිටුවහළකි.

වායුගෝලයේ ඇති ප්‍රධාන වායු වර්ග වන නයිට්‍රජන්,ඔක්ෂිජන්,කාබන් ඩයොක්සයිඩ් ,ආගන් අන් සියලු වායු වර්ගවලට වඩා බරින් වැඩිය.ඒ නිසා ඒවා වායුගෝලයේ පහළින්පිහිටා ඇත.
 
                                          වායුගෝලයේ ව්‍යුහය.

භූ ගෝලයේ සිට ඉහළට යාමේදී වායුවේ උෂ්ණත්වය,පීඩනය,බර ආදී තත්වයන් නිසා වායුගෝලය ස්තර 5කින් යුක්තය.

                    1.පරිවර්තී ගෝලය.

                    2.අපරිවර්තී ගෝලය.

                    3.මධ්‍යගෝලය.

                    4.තාප ගෝලය.

                    5.අජට ගෝලය.

1.පරිවර්තී ගෝලය.

පෘථිවිය ආසන්නම වායු ස්තරය පරිවර්තී ගෝලයයි.එය සමකය ආසන්යේදී කි.මී 16ක් ඉහළට විහිදෙන නමුත් ධ්‍රැවය දෙසට යන විට කි.මී 8ක් පහළ තලයට එයි.වායුගෝලයේ ඇති වායු ස්කන්ධයෙන් සියයට75ක්ම මේ කළාපයේ ඇත.ජල වාෂ්ප හා අපද්‍රව්‍යන්ගෙන් වැඩි කොටසක් ඇත්තේද මේ කළාපයේ.සිරස් වායු චලන,ඝණීභවනය,වළාකුළු වර්ධනය ,වාෂ්පීකරණය ආදී සියලුම කාළගුණික ක්‍රියාවලීන් මේ කළාපයේ සිදුවේ.

2.අපරිවර්තී ගෝලය.

පරිවර්තී ගෝලයට ඉහළ ගෝලය අපරිවර්තී ගෝලයයි.මෙය මුහුදු මට්ටමේ සිට කි.මී 10-15 අතර කළාපයයි.සමකයේ සිට ධ්‍රැවය දෙසට යනවිට උෂ්ණත්වය වැඩිවේ.පතන ශීඝ්‍රතාවය නැත.ජලවාෂ්ප ප්‍රමාණය ඉතා අල්පය.මෙහි පහළ කොටසේ ජෙට් වායු ධාරාවන් හමා යාම සුවිශේෂය.වායුගෝලයේ ඕසේන් ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් ඇත්තේ මෙම කලාපයේය.මෙම වායුව අධික විෂ වායුවකි.ගුවන්යානා ගමනාගමනයට මෙම කලාපය ඉතා යෝග්‍යය.ඕසේන්වායුව නිසා මෙහි"මුතුවන් වළා"නම් වළාකුළු වශේෂයක් පමණක් දක්නට ලැබේ.



3.මධ්‍ය ගෝලය.

මුහුදු මට්ටමේ සිට කි.මී.50-80දක්වා වූ කලාපය අයත්ය.මෙහිදී යළිත් උෂ්ණත්වය අංශක-90දක්වා අඩුවේ.මෙහි පීඩනය ඉතා අඩුය.ගිම්හානයට මෙම කලාපයේ රාත්‍රියට ආලෝකය විහිදුවන්නාවූ වළාකුළු විශේෂයක් වන නිශාදීප්ත වළාකුළු දක්නට ලැබේ.


4.තාප ගෝලය.

කි.මී.80 සිට ඉහළට විහිදෙන වායුගෝලීය කලාපය තාප ගෝලය නම් වේ.මුළු වායු ස්කන්ධයෙන් සියයට 1ක් පමණකින් යුත් වායු ස්කන්ධයක් පවතින නිසා ඝනත්වය ඉතාම අඩුය.තාපයේ පහළ කොටස නයිට්‍රජන් හා අම්ලකර පරමාණු වලින් සෑදී ඇත.උෂ්ණත්වය වැඩිය.උන්නතාංශය සමඟ වැඩිවන උෂණත්වය සෙ.අංශක 1000 ඉක්මවා යයි.උල්කාපාත වැනි අධිවේගයෙන් ගමන්ගන්නා වස්තූන් පෘථිවි තලයට නොවැටෙන්නේද මේ ඉහත සඳහන්කළ තාප ගෝලය නිසාය.

5.අජට ගෝලය.

මුහුදු මට්ටමේ සිට කි.මී.400න් ඉහළට ඉහළට විහිදෙන වායුගෝලීය ප්‍රදේශය මෙයයි.වායු කොටස් එකිනෙකට බොහෝ ඈතින් පිහිටා ඇත.ඒවා ඉතාමත්ම තුනීය.දිවාකාලයේදී උෂ්ණත්වය ඉතාමත්ම අධිකවත් රාත්‍රී කාළවල ඉතාමත්ම අඩුවෙනුත් ඇත.

Sunday, September 5, 2010

ශ්‍රී ලංකාවේ පාෂාණ වල ව්‍යාප්තිය.

ශ්‍රී ලංකාවේ භූමිය ආග්නේය,අවසාදිත,විපරිත යන පාෂාණ වලින් සමන්විත වූවකි.දිවයිනේ සියයට අනූවකටත් වැඩි ප්‍රදේශයක මතුපිට නිධි වලට යටින් වූ පතුලේ ගල සෑදී ඇත්තේ විපරිත පාෂාණ වලිනි.මින් සමහර පාෂාණ අවුරුදු ද.ල.2000 කටත් වඩා පැරණිය.
1.ආග්නේය පාෂාණ.

ලංකාවේ ආග්නේය පාෂාණ දක්නට ලැබෙන්නේ පෙග්මටයිට් නිධි සර්කෝන් ග්‍රෑනයිට් හා ඩොලරයිට් ඩයික ලෙසය.මෙසොසොයික යුගයේ ත්‍රියාසික අවධියට අයත් යයි සෑලකෙන ඩොලරයිට් ඩයික ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ නෑගෙනහිර පළාත ඇළහැර,කන්තලේ,කල්කුඩාව හා චීන වරාය ආදීන්හිදීය.ඩොලරයිට් ඩයික මධ්‍යම ප්‍රමාණයේ කණිකා වලින් නිර්මාණය වූ ආග්නේය පාෂාණයකි.බැසෝල්ට්,ගැබ්රෝ පාෂාණවල සංයුතියට සමාන ලක්ෂණ පෙන්නුම් කරන මේවායේ ප්ලෙගියෝක්ලෙස්,පයිරොක්සීන,ඔල්වින් හා මැග්නටයිට් යන බණිඡ වර්ග අඩංගුය.බදුල්ල-මඩකලපුව මාර්ගයේ 57වන සැතපුම් කණුව අසල ඇති ඩොලරයිට් ඩයික මේ සඳහා ඉතා කදිම නිදසුනකි.

තෝනිගල ග්‍රෑනයිට් දිවයිනේ වයඹ දිගින් පුත්තලම-ගල්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටා ඇත.අරන්ගල හෝර්න් බ්ලෙන්ඩ් ග්‍රෑනයිට් අළුත්ගමේ ද අඹගස්පිටිය ග්‍රෑනයිට් යක්කල ද පිහිටා ඇත.
සර්කෝන් ග්‍රෑනයිට් හොඳින් පිහිටා ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේය.එමෙන්ම මීරිගම ලෝලුව නම් ස්ථානයේද ඇත.ආර්ථික වටිනාකමකින් යුත් පෙග්මටයිට් පාෂාණ ඇත්තේ රත්තොට,තලාගොඩ,අළුතෑපොල ප්‍රදේශවලය.

2.අවසාදිත පාෂාණ.

ශ්‍රි ලංකාවේ ඇති අවසාදිත පාෂාණ සැකසුණු අවධිය අනුව කොටස් 3කට බෙදිය හැකිය.
මෑත හා ප්ලෛස්ටෝනි යුගවලට අයත් නිධි.

මේ කාලවල සෑදුණු පාෂාණ වර්ග 3කට අයත්ය.


  • රතු පස.
    මහඔයෙන් උතුරට කදිරමලය දක්වා වයඹ දිග පහත් බිම් වලද පුත්තල සිට නැගෙනහිර අනුරාධපුරය දක්වා රැළි බිම් වලද රතු පස ව්‍යාප්තව ඇත.මෙම පස් තට්ටුවේ ඝණකම මීටර් 15-25 දක්වා වේ.


  • පාදක යුමුසු බොරළු.
          මේවා රතු පසට යටින් පිහිටා ඇත.මෙම නිධිමීගමුවේ සිට මන්නාරම දක්වා වෙරළබඩ පහත්බිම්           ආශ්‍රිතව ඇත.වයඹ දිග පහත් බිම්වල බොරළු කෝණික හැඩයක් ගනී.තංගල්ල,හම්බංතොට,රත්න සිට මිනිගා ගල් කන්ද ප්‍රදේශවල ඒවා ඇත.


  • මළු බොරළු.
           රළු තිරුවාන කැටවලින් සමන්විතය.හලාවත හා බත්තුළු ඔය ප්‍රදේශය දක්නට ලැබේ.පලාවි-කල්ලඩි  මාර්ගය අසලද ඇත.එමෙන්ම කැළණි ගංගා නිම්නයේ කඩුවෙළ සිට හංවැල්ල,මල්වාන,රනාල පදේශවලත් දක්නට ලැබේ.


  • මයොසීන පාෂාණ.
         මයොසීන හුණුගල්ද අවසාදිත පාෂාණ ගනයට අයත්ය.මේවා යාපන අඅර්ධද්වීපයේ ද මිනිහා ගල්කන්දප්‍රදේශයේද දක්නට ඇත.වෙරළාසන්නවල දඹ පිහිටා ඇත.ඒවා කීරමලේ,කදිරමලේ දක්නට ලැබේ.මෙම පාෂාණ ඇතුළත ඇති කුහර නිසා ජලය රදවාගනී.එය යාපන අර්ධද්වීපයේ .ගොවිතැනට උපකාරී කර ගනී.මේවා ක්‍රීම් පැහැයකින් යුක්තය.

  •  ජුරාසික් පාෂාණ.
            අවුරුදු දශ ලක්ෂ 70 කටත් වඩා පැරණිය.නොගැඹුරු ජලයෙන් සොයාගනී.උතුරින් තම්බෝව ආඩිගම හා පල්ලම ප්‍රදේශවල දක්නට ලැබේ.මේවා ඉන්දියාවේ ඇති "ගොන්ඩ්වානා" පාෂාණ වලට සමකාලීනය.වැලි ගල්,ග්‍රීට්,ආර්කෝසම වැලි ගල් වැනි දේ වලින් සෑදී ඇත.

3.විපරිත පාෂාණ.

දිවයිනේ සියයට 80 ක ප්‍රදේශයක් පුරාම පැතිර ඇත.ආග්නේය හා විපරිත පාෂාණ විපරිත වීමෙන් මේවා සෑදී ඇත.ලංකාව ගොන්ඩ්වානාලන්ත භූමියෙන් මෙහි ඇති පාෂාණ පොසිල රහිත ස්ථටික වලින් යුක්තය.විපරිත පාෂාණ වර්ග (නයිස් පාෂාණ)ව්‍යාප්තවී ඇති ප්‍රධාන ප්‍රදේශ කීපයකි.


  • බින්තැන්න නයිස් පාෂාණය.
    මේවායේ හුදෙකලා රේඛා තල දක්නට ඇත.බයොටයිට් නයිස් පාෂාණ ගනයට අයත්ය.පොළොන්නරුව වැලිකන්ද අසය දක්නට ඇත.

  • වන්නි නයිස් පාෂාණය.
හොන්බ්ලෙන්ඩ් නයිස් පාෂාණ ගනයට අයත්ය.පඩුවන් පැහැයක් ගනී.මධ්‍යම කදුකරයට උතුරින් ව්‍යාප්තව ඇත.


  • කඩුගන්නාව නයිස් පාෂාණය.
කඩුගන්නාව-අලගල්ලලවැටිය හා ගලගෙදර හරහා කුරුණෑගල ,හබරණ දක්වා විහිදෙන බයොටයිට් - හොන්බ්ලෙන්ඩ් නයිස් පාෂාණ යයි.

Saturday, August 7, 2010

ජෛව ගෝලීය වැදගත්කම.

ස්වභාවික පරිසරය ඉතා සංකීර්ණ වූවකි.සංකීර්ණ ස්වභාදහම සැදී ඇත්තේ විවිධාකාර පද්ධති මගිනි.පරිසරය එකිනෙකට වෙන්කළ නෙහැකි තරමටම සම්බන්ධය.මිනිසා මුළින්ම යැපෙන්නේ පරිසරයෙනි.එනමුත් ඔහු බෙහෝ පාරිසරික වෙනස්කම් රැසක්ද සිදු කරයි.එනිසා මිනිසා පරිසරයේ කෙටසක්ද වෙයි.මේ අනුව මිනිසා හා භෞතික පරිසරය අතර ඇති සම්බන්ධතාවය කොටස් පහකට බෙදා දැක්විය හැකිය.
1.දේශගුණය
2.පස
3.ජලය
4.භූ විද්‍යාත්මක හා භූ රෑපක සාධක
5.ජෛව විද්‍යාත්මක සාධක

ජෛව පරිසරය සමඟ මිනිසා ළඟින්ම සම්බන්ධ වේ.මෙයින් අදහස් කරන්නෙ ශාක හා සතුන් සමඟ මිනිසා දක්වන සම්බන්ධතාවය යි.මිනිසා සර්ව භක්ශකයකු බැවින් මේ දෙකොටසම වැදගත්ය.ආහාර පමණක් නොව ඇඳුම් නිවාස ආදී බොහෝ දේ ලබාගන්නේ ශාක හෝ සත්ත්ව ද්‍රව්‍ය වලිනි.ජෛව පරිසරයේ මිනිසා ද  එක් අංගයක් බැවින්  ශාක හා සතුන් කෙමැතිව මිනිසාට ද පැවැත්මක් නොමැත.ජීව විද්‍යාත්මක වෙනස්කම් සහිත බැවින් සත්ත්ව ගණයා ශාක ගණයාගෙන් වෙන්කර හදාරනු ලබයි.ශාක වර්ග මෙන්ම සත්ත්ව වර්ගද රාශියක් ඇත් බැවින් ඒවා වෙන් වෙන්ව හදාරනු ලැබේ.
ජෛව ගෝලය තුළ සියලුම විශේෂ සමාන ලෙස ව්‍යාප්ත වී නැත්තේ භූගෝලීමය ස්වභාවය හා ජෛව පරිණාමය යන සාධක දෙක නිසාය.ජෛව විවිධත්වයේ ප්‍රධාන ප්‍රභේද තුනකි.

1.ජාන විවිධත්වය .

            එකම විශේෂ තුල එක් එක ඡීවීන්ට ආවේණික ලක්ෂණ ඇත.ඒ ඒ විශේෂ තුල එකිනෙකා අතර දක්නට ලැබෙන මෙම විවිධත්වය ඇතිවන්නේ ජාන විවිධත්වය හේතුවෙනි.


 2.  විශේෂ විවිධත්වය
                         විශේෂ විවිධත්වය යනු ඡීවීන් දෙදෙනෙකු අතර අන්තර් අභිඡනණයෙන් සරු ඡනිතයක් බිහිකල හැකි ජීවීන් එකතුවකි.ඡීවීන් දෙදෙනෙකු අතර අන්තර් අභිඡනණයෙන් නිසරු ඡනිතයෙකු බිහිවේනම් එම දෙදෙනා විශේෂ දෙකකට අයත්ය.

 
 3.  පරිසර පද්ධති තුළ විවිධත්වය
                       පරිසර පද්ධතියක් යනු ස්වයං ඡනණය හා ස්වයං පාලනයක් පවතින ප්‍රදේශයක් හෝ ඉන් කොටසකි.මෙවැනි පරිසර පද්ධතියක දක්නට ලැබෙන වෙනස පරිසර පද්ධති විවිධත්වය ලෙස දැක්විය හැක.උදාහරණ ලෙස කදුකර වනාන්තර,පහතරට තෙත් කළාපීය වනාන්තර, කඩොලාන පරිසර පද්ධති ආදිය දැක්විය හැකිය.

ජෛව විද්‍යාවේ වැදගත්කම

1.  ජෛව විවිධත්වය ‍පරිසරයේ විවිධ සාධක වල ක්‍රියාකාරිතිවය කෙරෙහි විශාල වැදගත්කමක් ඇත.ජෛව විවිධත්වය අද පරිසරය තරමටම ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත.එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපගේ අවධානය ඒ සඳහා දැඩි ලෙස යොමුවීමයි.අට බෙහෙවින්ම ප්‍රයෝඡනවත් ඡලය සැළකීමේදී මෙයද ශාක හා සතුන් මෙන්ම පස වායුගෝලය භාවිතයන් චක්‍රාකාරව පවතින දෙයකි.ඡලය හා පස රැක ගැනීමටත් ජලයේ උෂ්ණත්වය පාලනයටත් ශාක ඉතා වැදගත් වේ.පරිසරයේ විවිධ කාර්යයන් නිවරැදිව පවත්වාගැනීමට ශාක හා සතුන් ඉතා වැදගත්ය.එනම් ජෛව විවිධත්වය පාරිසරික සාධක නිසිලෙස පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ.

2.  ජෛව විවිධත්වය මගින් රටකවිද්‍යාත්මක,සෞන්දර්යාත්මක හා සංස්කෘතිමය අගය වැඩි කරයි.මෙය මැනීම අපහසු වුවත් වැදගත්කම්න් ඉතා ඉහළ අගයක් ගනී.මෙය සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඉතා වටිනා පිටුවහලක් ලබාදේ.

3.  ජෛව විවිධත්වය නිසා ජනතාවට අවශ්‍ය සියලුම නිෂ්පාදන ලබාදේ.උදාහරණ ලෙස විවිධ ආහාර වර්ග,සෙවන,කඳි වර්ග ඔසු වර්ග ආදී තවත් බොහෝ දේ ලබා දේ.


4.  ජෛව විවිධත්වය නිසා අලුත් ශාක හා සත්ව ප්‍රභේද ඇති කිරීම මෙන්ම ඒවා වැඩිදියුණු කිරීමද කල හැක.

ජෛව විවිධත්වය විනාශ වීමට බලපාන කරුණු.


1.වනාන්තර විනාශය.

2.ආගන්තුක ජීවීන් හදුන්වා දීම.

3.ශාක හා සතුන් පමණ ඉක්මවා ආහාරයට ගැනීම.

4.දඩයම් කිරීම.

5.කාර්මික දියුණුව හා තාක්ෂණික දියුණුව නිසා පාරිසරික දුෂණය ඉහළ යාම.

Friday, August 6, 2010

කඩොළාන ප්‍රජාව .

මෙම කඩොළාන ශාකය දුර්ලභ ගනය‍ට අයත් ශාකකි.එමෙන්ම මෙම ශාකය නිවර්තන ප්‍රදේශ වල බහුළව දක්න‍ට ලැබෙන්නකි.කඩොළාන හා අනෙකුත් වෙරළබඩ ප්‍රජාව එකිනෙකට සම්බන්ධ වී පවතී.කඩොළාන වල ව්‍යාප්තිය තීරණය වන්නේ සාගරයේ ඇති වඩදිය හා භාදිය භුරූප නිසාය.ගංගා වලින් ගෙන එන දියලු පස තැන්පත්වීමෙන් නිර්මාණය වී ඇති සුවි‍‍‍ශේෂී පාංශු තත්ව මෙම ශාක ව්‍යාප්තියට බලපාන ප්‍රධාන සාධකයකි.මෙහි ලවණතාවයට අනුවර්තනය වූ ශාක ප්‍රජාවක් දක්නට ලැ‍බේ.ක‍ඩොළාන වැවෙන ස්ථාන වල ජලයේ ලවණ සාන්ද්‍රණය 3.5% ක් පමණ වෙයි.ඒ නිසා එම ශාකවල ජලය පිරිමසා තැනීම සඳහා අනුවර්තණ කීපයක් සිදුකරගන ඇත.ඒවා නිෂ්කළාප වෟක්ෂලතා ලෙස හැදින්වේ.

ශ්‍රී ලංකාවේ ද කඩොළාන ශාකය වෙරළබඩ ප්‍රදේශ වල දක්න‍ට ලැබේ.

රතු කඩොළාන



රයිසෝපෝරා කඩොළාන